අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

ඒමි බුෂේ පායි විසින් රචිත ලිපි

ඔබ වෙනුවෙන් දෙවියන්වහන්සේගේ සැළසුම

ඇයගේ ආදරණීය නැන්දම්මා මෙන් (දේවගැතිවරයෙක්ගේ බිරිඳ වූ) “දේවගැතිවරයෙක්ගේ පරිපූර්ණ බිරිඳක්” වීමට වසර හයක් තිස්සේ ඇග්නස් උත්සාහ කළාය. මෙම භූමිකාවේදී ඇයට ලේඛිකාවක් හෝ චිත්‍ර ශිල්පිනියක් විය නොහැකි බව ඇය සිතුවාය. එහෙත් ඇයගේ නිර්මාණශීලිත්වය යටපත් කර ගැනීමෙන් ඇය මානසික අවපීඩනයට පත්ව සියදිවි නසාගැනීමට පවා කල්පනා කළාය. අසල්වැසි දේවගැතිවරයෙක්ගේ උපකාරයෙන් ඇය අඳුරෙන් පිටතට පැමිණීයේ ඔහු ඇය සමග යාච්ඤා කරමින් සෑම උදෑසනකම පැය දෙකක්…

දෙවියන්වහන්සේ තුළ සුරක්‍ෂිතව සිටීම

එකිනෙකා යෞවන වියට පා තබන විට මම අපේ දරුවන්ට ලිපියක් ලීවෙමි. එයින් එකක ක්‍රිස්තුස්වහන්සේ තුළ අපගේ අනන්‍යතාවය ගැන කථා කළේ මම යෞවන වියේදී මට මා ගැන සැකයක් සහ විශ්වාසයක් නොතිබූු බව මට සිහිපත් වු හෙයිනි. මම දෙවියන්වහන්සේගේ ප්‍රේමණීය දරුවෙක් බව මට ඉගෙන ගැනීමට සිදුවුනි. මම ලිපියේ සඳහන් කළේ “ඔබ කවුරුන්දැයි දැන ගැනීිමේ හේතුවෙන් ඔබ කාගේ දැයි දැන ගැනීම” පැහැදිළි වන්නේය…

යේසුස්වහන්සේ ගැන බෙදා ගැනීම

ඩ්වයිට් මූඩි (1837-99) ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලට පැමිණ ටික දිනකට පසු අවම වශයෙන් එක් පුද්ගලයෙකු සමග හෝ දෙවියන්වහන්සේගේ ශුභාරංචිය බෙදා නොගෙන දිනක් හෝ ගත නොකිරීමට (ඉවැන්ජලිස්ත වරයා) තීරණය කළේය. කාර්ය බහුල දිනවලදී බොහෝ වේලා ගත වන තුරු ඔහුට ඔහුගේ තීරණය අමතක වන්නේය. එක් රාත්‍රියක ඔහු ඇඳේ සිටියදී ඔහුට මෙය මතක් වුනි. ඔහු පිටතට යන විට සිතුවේ මේ ඇද හැලෙන වර්ෂාවේ කිසිවෙක්…

දෙවියන්වහන්සේගෙන් උපකාර පැතීම

1800 ගණන්වල අග භාගයේදී වසර පහක කාලයක් මිනෙසෝටා නගරයට තණකොළ පෙත්තන් බෝවී බෝග විනාශ කළහ. ගොවීන් තාරවල තණකොළ පෙත්තන් කොටු කර කෙත්වතු පුළුස්සා දමමින් ඔවුන්ගේ බිත්තර මරා දැමීමට උත්සාහ කළහ. කලකිරීමේ හැඟීමෙන් යුතුව සාගින්නෙන් පෙළෙන තත්ත්වයක් අද්දර සිටිද්දී බොහෝ දෙනෙක් දෙවියන්වහන්සේගේ උපකාරය පැතීමට ප්‍රාන්තය පුරා යාච්ඤා දිනයක් පැවැත්වීමට සුදුසු දිනයක් සෙව්වෝය. ආණ්ඩුකාරයා විසින් අප්‍රේල් 26 වන දින යාච්ඤා කිරීම සඳහා…

සෑහීමකට පත්වීමේ රහස

ජොනී ඉරෙක්සන් ටාඩා පිහිණුම් අනතුරකින් පසුව ආපසු නිවසට පිමිණී විට ඇය අංශභාග රෝගී තත්ත්වයක සිටි අතර ඇගේ ජීවිතය බෙහෙවින් වෙනස් වුනි. දැන් ඇගේ රෝද පුටුවට දොරවල් පටු වැඩි වූ අතර සෝදන බේසම (සින්ක එක) උස වැඩි වුනි. තමාටම ආහාර ගැනීමට ක්‍රමයක් නැවත ඉගෙන ගන්නා තෙක් කෙනෙක්ට ඇයට ආහාර කැවීමට සිදු වුනි. පළමු වරට විශේෂ හැන්දකින් ඇගේ මුවට ආහාර ගෙන යද්දී…

ඔබේ ඇදහිල්ල බෙදා ගනිමින්

කතුවරියක් සහ ඉවැන්ජලිස්තවරියක් වන බෙකී පීපර්ට් අයර්ලන්තයේ ජීවත් වූ කාලයේදී වසර දෙකක් පුරාවටම ඇයගේ නිය අලංකරණයේ යෙදුණු හෙදර් සමග ශුභාරංචිය බෙදා ගැනීමට ආශාවෙන් සිටියාය. නමුත් හෙදර් තුළ උනන්දුවක් නොතිබුණි. සංවාදයක් ආරම්භ කිරීමට නොහැකි යැයි හැඟුණු බෙකී හෙදර්ව හමුවීමට පෙර යාච්ඤා කළාය.

හෙදර් ඇයගේ නියපොතු පිටිසිදු කරමින් සිටින අතරතුරදී බෙකී පැරණි සඟරාවක් පෙරළා එහි තිබූ නිරූපිකාවකගේ ඡායාරූපයක් දෙස බලා සිටියාය. ඇය…

නිත්‍යානුකූලව උන්වහන්සේගේ

තම දරුවාව හදාවඩා ගැනීමේ නිත්‍යානුකූල බැඳීම පෙන්නුම් කරන ඇයගේ උප්පැන්න සහතිකය සහ විදේශ ගමන් බලපත්‍රය ලැබුණු විට ලිස් ප්‍රීතියෙන් කෑ ගැසුවාය. දැන් මිලේනා ඔවුන්ගේ පවුලේ කොටසක් වෙමින් සෑම විටම ඔවුන්ගේ දියණිය වනු ඇත. නීතිමය ක්‍රියාදාමය ගැන ලිස් මෙනෙහි කරන විට අප යේසුස් වහන්සේගේ පවුලේ සාමාජිකයෙක් වන විට සිදුවන “සැබෑ හුවමාරුව” ගැනද සිහිපත් කළාය. “පාපය හා බිඳවැටීම පිළිබඳ” අපගේ උප්පැන්න අයිතියෙහි…

අපගේ හදවත් තුළ වාසය කරමින්

සමහර විට දරුවන්ගේ වචන දෙවියන්වහන්සේගේ සත්‍යය පිළිබඳ ගැඹුරු අවබෝධයක් කරා අපව තල්ලු කර දමයි. එක් සන්ධ්‍යාවක මාගේ දියණිය කුඩා කාලයේදී ක්‍රිස්තියානි ඇදහිල්ලේ එක් අභිරහසක් ගැන මම ඇයට පැවසුවෙමි. එනම් දෙවියන්වහන්සේ තම පුත්‍රයාණන් සහ ආත්මයාණන් කරණකොට ගෙන තමන්වහන්සේගේ දරුවන් තුළ වාසය කරන බවයි. මම ඇයව ඇඳ මත තබද්දී යේසුස්වහන්සේ ඇය සමගත් ඇය තුළත් සිටින බව කීවෙමි. “උන්වහන්සේ මගේ බඩේද?” ඇය ඇසුවාය.…

දයාව ව්‍යාප්ත කරමින්

රුවන්ඩා ජන සංහාරයෙන් තම ස්වාමි පුරුෂයා සහ ඇගේ දරුවන් කිහිප දෙනෙකු ඝාතනය කළ මනස්සේට ඇය සමාව දුන් ආකාරය ගැන බීටා පැවසුවේ “මගේ සමාව දීම පදනම් වී ඇත්තේ යේසුස්වහන්සේ කළ දේ මතය. මුළු කාලය පුරාම කරන ලද සෑම දුෂ්ඨ ක්‍රියාවකම දඬුවම උන්වහන්සේ ලබා ගත් සේක. උන්වහන්සේගේ කුරුසිය අපට ජයග්‍රහණය සොයා ගත හැකි ස්ථානයයි - එකම ස්ථානයයි! ඔහුව පෙළන භයානක සිතුවිලි විස්තරාත්මකව…

රාජකීයයන්ට ආගන්තුක සත්කාර

ස්කොට්ලන්තයේ උත්සවයකදී එංගලන්ත රැජින හමුවීමෙන් පසුව, සිල්වියා සහ ඇගේ සැමියාට පණිවිඩයක් ලැබුණේ රාජකීය පවුලේ අය තේ පානය සඳහා ඔවුන්ගේ නිවසට පැමිණීමට කැමති බවය. සිල්වියා රාජකීය අමුත්තන්ට සංග්‍රහ කිරීම ගැන නොසන්සුන්ව පිරිසිදු කිරීම හා සූදානම් කිරීම ආරම්භ කළාය. ඔවුන් පැමිණීමට පෙර ඇය මේසය සඳහා මල් කීපයක් තෝරා ගැනීමට වත්තට ගියාය. එවිට, දෙවියන්වහන්සේ රජවරුන්ගේ රජ බවත් උන්වහන්සේ දිනපතා ඇය සමඟ සිටින බවත්…